Comet Hunt

ඊලග මාසෙ ඒකියන්නෙ පෙබරවාරි මාසෙ 2 කියන්නෙ ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙන කොළපාට වල්ගාතරුවක් බලාගන්න පුළුවන් දවසක්. 2023 දි පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පුළුවන් හොදම වල්ගා තරුව තමා මේක. මේකෙ නම තමා C/2022 E3 (Z.T.F). මේකට මේ නම දාන්න හේතුව මේක 2022 ක වසරේදි Zwicky Transien Facility කියන කැලිෆෝනියා වල පලෝමෝ කන්ද උඩ පිහිටි දුරේක්ෂය මගින් සොයා ගැනීම නිසාවෙනි. මේක හැම අවුරුදු 50000 කටම සැරයක් සූර්යයා සහ පෘතුවියට ආසන්නව ගමන් කරන නිසාවෙන් තමා මේක ගොඩක් කලාතුරකින් දකින්න ලැබෙනව කියන්නෙ. අපේ ජීවත කාලය තුල දකින්න හම්බෙන එකම පාර මේක තමයි. මේක හොදින්ම දැකගන්න පුළුවන් වෙන්නෙ පෙබරවාරි 2 වෙනිදා වගේම ඉතාමත් පැහැදිලිව නිරීක්ෂණය කිරීම දෙනෙතියක් හෝ දුරේක්ෂයක් භාවිතා කරන්න පුළුවන් නමුත් පියවි ඇසින්ද නිරීක්ෂණය කිරීමට තරම් මෙය පැහැදිලි බවකින් යුක්ත වේ. කුඩා වලාසාට අයිති පොලාරිස් එහෙම නැත්නම් උතුරු තරුව අවට රාත්‍රි 11 ට පමණත් උදෑසන ඉර උදාවීමට පැය කීපයකට පෙරත් නිරීක්ෂණය කිරීමෙන් මෙය දැක ගැනීමට හැකි වේ. පෙබරවාරි 2 න් පසුවත් පෙරත් මෙය දැක ගැනීමට හැකිවන අතර පෙබරවාරි 2 වෙනිදා තරම්ම හොදින් දැක ගත නොහැක. So Good Luck On Your Comet Hunt ✨️❤️
වැඩිදුර තොරතුරු සදහා :-
CLICK HERE

event10-img