භෞතික විද්‍යාව

තාරකා විද්‍යාවේ සහ භෞතික විද්‍යාව අතර තියෙන්නේ විශාල සම්බන්ධයක් , මොකද කියනවා නම් තාරකා විද්‍යාවේ තියන වැඩිමනක් කොටස් විස්තර කරන්න අපිට භෞතික විද්‍යාව ඕනි වෙනවා. පෘතුවියෙන් එපිට තියන දෙයක විශාලත්ව ,එකට තියන දුර ,එකේ චලිත ස්වාභාවය , භෞතික ස්වභාවය මේ හැම දෙයක්ම තවත් බොහෝ දේවල් විස්තර කරන්න ගණනය කරන්න භෞතික විද්‍යාව අත්‍යවශ්‍යව වෙනවා.දැන් බලමු මෙච්චර වැදගත් භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද කියල.

img1
භෞතික විද්‍යාව 1

භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද කියල බැලුවොත් ගොඩාක් විදි වලට විස්තර කරන්න පුළුවන් එත් විස්තර කරන්න තියන හොදම විදිය තමා “ අවට තියන දේවල් නිරීක්ෂණය සහ විස්තර කිරීම”. එහෙම කියන්නේ ඇත්තටම අපි භෞතික විද්‍යාවේදී මොකද කරන්නේ බැලුවොත් යම් දෙයක් නිරීක්ෂණ කරලා එකේ හසිරීම , භෞතික ස්භාවය , වගේ දේවල් ගණිතමය දේවල් වලින් විස්තර කරන එක. උදාහරණක් විදියට ගත්තොත් අපි ඉදගන්න එක හිටගන්න එක සැලකුවොත් එකේදී කොහොමද බලයන් ක්‍රියාකරන්නේ එහෙම නැත්නම් සුළගකින් ගසක් සෙලවෙන විදිය සලකුවාම ඒ අවස්ථාවේදී ගසේ කොටස් වල චලිත ස්වාභාව , ගස අසල සුළගේ චලිත ස්වභාවය වගේ දේවල් විස්තර කිරීම , මෙන්න මේ දේ තමා අපි මුලිකම වශයෙන් භෞතික විද්‍යවෙන් කරන්නේ.

මේක ආරම්භ උනේ කොහොමද කියන එක බැලුවොත් එකට හේතුව හරිම ලේසියෙන් හිතන්න පුළුවන්. “කුතුහලය ” කුතුහලය තමා ඇත්තටම ගොඩක් දේවල් වල මුලාරම්භය ,වගේම භෞතික විද්‍යාවෙත් මුලාරම්භය. ඒ විදියට කුතුහලය නිසා ආරම්භ උන භෞතික විද්‍යාව මන්දාකිණි තරම් විශාල දේවල් වල ඉදල ක්වාක් තරම් කුඩා දේවල් දක්වාම විහිදිලා ගිහින් තියනවා. අපට පෙනෙන නොපෙනන දේවල් දැනෙන නොදැනෙන මේ හැමදෙයක්ම භෞතික විද්‍යාව තුල විස්තර කරන්න පටන් අරන් තියනවා .

img2
භෞතික විද්‍යාව 2

භෞතික විද්‍යාව තුල ප්‍රධාන වශයෙන් කොටස් තුනක් සහ අනු කොටස් ගනනාවක් පවතිනවා. Classical physics , Modern physics සහ Nuclear physics මෙහි ප්‍රධාන කොටස් වේ. නිව්ටන් නියම සමග කතාකරන කොටස Classical physics ලෙස හදුන්වයි. Quantum Physics සහ අයිටයින්ගේ විශේෂ සාපේක්ෂතා වාදය කියන කොටස් දෙකේ එකතුවක් ලෙස Modern physics ආරම්භ වුන අතර, පරමාණු, න්‍යෂ්ටික ශක්තිය ගැන කතා කරන කොටස Nuclear physics ලෙසත් ඉතාම කෙටියෙන් හදුන්වා දිය හැක. Astrophysics, Atomic Physics, Biophysics, Geophysics, Mathematical Physics, වැනි තවත් බොහෝ මෙය කොටස් වලට බෙදා වෙන්කර ඇත.

ඉහතින් තියෙන්නේ භෞතික විද්‍යාව ගැන ඉතාම කුඩා හදින්වීමක් , අපට ඔය සදහන් කල සැම කොටසක් ගැනම ඉතා දීර්ඝව වගේම ගැඹුරින් කතා කරන්න පුළුවන්. භෞතික විද්‍යාව කියන්නේ හැමදාම හැම වෙලේම වෙනස් වෙන දෙයක් ඉතින් මේක ඉගෙන ගන්න එක නවත්තන්නවත් ඉගෙනගෙන ඉවර කරන්නවත් බැරිවෙයි , හැබැයි එපා වෙන එකක් නම් නෑ.

By Haritha Upeksha